සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබැරි ටාසන්ලා කළ හරිය ගැන ආනන්ද හිමියෝ කියති…

සංචරණ සීමා දමා දැන් කළ හැකි දෙයක් නෑ... රට වසා දමා මිනිස්සුන්ට එන්නත් දෙන්න..

පළාත් අතර සංචරන සීමා පනවා දැන් පලක් නොමැති බවත් වහාම රට වසා දමා සියලුම ජනතාවට එන්නත් ලබා දීමට කටයුතු කරන්නැයිද එසේ නොකරන තාක්කල් ජනතාව‌ කොවිඩ් වසංගතයෙන් මියයෑම වලක්වා ගත නොහැකි යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සදහන් කළහ.

මේ වසංගත තත්ත්වය මුළුමනින්ම පාලනය කිරීමේ හැකියාව තම සංගමයට තිබෙන බවත් එම හැකියාවන් මේ මෙහොතේ පෙන්වීමට යාමෙන් අසරණ රෝගීන්ගේ ජීවිත අනතුරකට පත්විය හැකි බැවින් ඉවසා සිටින බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මෙම වසංගතය හේතුවෙන් මේ වන විට හෙදියන් 246 දෙනෙකු ආසාදිත තත්ත්වයට පත්ව ඇති නමුත් ඔවුන්ට  වෙන්කරන ලද වැසිකිළියක් හෝ නොමැති බව සදහන් වේ.


කෙසේ නමුත් රෝග මර්දනය සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කිසිවිටෙකත් සතුටට පත්විය නොහැකි බවත් ඔවුන්ගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් හෙද සංගමය ලවා ප්‍රශස්ති ගීතයන් ගයනා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එවැන්නක් කිසිවිටකත් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බවත් ආනන්ද හිමියෝ පැවසුහ.

සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන යන වැඩපිළිවෙළ නිසි ක්‍රමවේදයකින් ක්‍රියාත්මක කිරිම නම් වෛද්‍යවරුන්ගේ පමණක් නොව සමස්ථ කාර්ය මණ්ඩලයේම අදහස් ලබා ගත යුතු නමුත් එවැන්නක් කිසිවිටෙකත් සිදු නොවන බවද උන්වහන්සේ කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වැඩබැරි ටාසන්ලා අද සෞඛ්‍ය අමාත්‍යංශයට අනුයුක්ත කර ගැනීම තුළ කොවිඩ් පාලනය නිසිලෙස කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද උන්වහන්සේ අවදාරණය කළහ.

Exit mobile version