සෞඛ්‍ය අංශ සඳහා ‘සෙනසුරාදා’ නිවාඩු දිනයක් කරන්න… විශේෂඥ වෛද්‍යවරු රජයෙන් ඉල්ලති!

සෞඛ්‍ය අංශය සඳහා සෙනසුරාදා දිනය, තාවකාලිකව ඉරිදා දිනය වැනිම නිවාඩු දිනයක් කරන්න යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.

මෙයින් ඉන්ධන සේම විදේශ සංචිත ද රැක ගැනීමට පිටුවහලක් වෙනු ඇතැයි පෙන්වා දෙන ඔවුන් හදිසි සේවාවන් හා නේවාසිකව සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සුපුරුදු ලෙස  ක්‍රියාත්මක වන බව ද දැනුම් දෙයි.

ඉන්ධන අර්බුදය හේතුවෙන් නිසි පරිදි සෞඛ්‍ය සේවාවන් පැවැත්වීමට බාධා වී ඇති බැවින් මීට නිසි විසඳුමක් ලැබිය යුතු බව ඔවුන් පවසයි. සෞඛ්‍ය සේවකයින්ට ඉන්ධන ලබා ගැනීම සඳහා සලාක පදනම යටතේ හෝ ඉන්ධන පිරවුම් හල් කිහිපයක්වත් වෙන් කළ යුතු බව ඔවුන් සඳහන් කරයි.

මිනිසුන් ඉන්ධන නොමැති වීම හේතුවෙන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන නිසා ඒවා නැවැත්වීමට මෙම ඉන්ධන පිරවුම්හල්වලට හමුදා නිළධාරින් යෙදවිය යුතු යැයි ද ඔවුන් දැනුම් දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන හිඟය හේතු කොටගෙන හදිසි අවස්ථාවනලට යෑම හා රැකියාවට යෑම බරපතල ගැටළුවක් වී ඇති බව පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ ඔවුන්ගේ සාමාජකයින්ට නිවෙස් වල සිට දුරකථන හරහා උපදෙස් ලබා දෙන්නට යැයි පැවසීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

Exit mobile version