සේවා කාලය නිම වන්නට නියමිත සියලුම හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සේවා දීර්ඝ කෙරේ…

කීර්ති ප්‍රනාන්දු –

පවතින වසංගත තත්වය සැලකිල්ලට ගෙන දැනට ස්ථිර හා තාවකාලික පදනමින් සේවයේ යෙදී සිටින මරණ පරීක්ෂකවරුන්ගේ සේවය 2021.12.31 දක්වා දීර්ඝ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශය නිවේදනය කරයි.

පසුගිය  01 දා සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ වයස අවුරුදු 70 සම්පූර්ණ වූ හෝ සම්පූර්ණ වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුන්, පසුගිය මාර්තු 31 දිනෙන් අනතුරුව මුල් පත්වීම් කාල සීමාව හෝ සේවා දීර්ඝය අවසන් වී ඇති නමුත් සේවා දීර්ඝය මෙතෙක් නොලද හදිසි මරණ පරීක්ෂකවරුන් සහ දෙසැම්බර් 31  දිනට ප්‍රථම දිනක දී මුල් පත්වීම් කාලසීමාව හෝ සේවා දීර්ඝය අවසන් වීමට නියමිත හදිසි මරණ පරීක්ෂකවරුගේ,   සේවය මෙසේ දීර්ඝ කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රජය නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ.


 

Exit mobile version