සෙසු මුහුදු බඩ ප්‍රදේශවල තරුණයන්ටත් මේ මස තුළ ෆයිසර් එන්නත

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හම්බන්තොට වයස අවුරුදු 20ත් 30ත් අතර තරුණයන්ට ෆයිසර් එන්නත ලබා දීම සඳහා තෝරා ගත්තේ මන්නාරමට එම එන්නත ලබා දීමට තෝරා ගත් පදනමින්ම බවත් අනිවාර්යයෙන්ම මෙම එන්නත ලබන මාසයට පෙර ගාල්ල මාතර වැනි මුහුදු බඩ පළාත්වල තරුණයන්ටද ලබා දිමට කටයුතු කරන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.
අද හිරු නාලිකාවේ “හාඩ් ටෝක්“ විශේෂාංගයේදී මාධ්‍යවේදී දිලාන් මායාදුන්න විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍ය ගුණසේන තවදුරටත් සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වරායක්, ගුවන්තොටුපළක් සහ සෙසු කර්මාන්ත කලාප පැවතීමත් හේතුවෙන් රෝගය ඉක්මනින් ව්‍යාප්ත වීමේ අවදානමක් පවති බවය. එමෙන්ම මුහුදු බඩ පුදේශයක් නිසා මමුහුදු මාර්ගයෙන් එසේම ඩෙල්ටා ප්‍ර භේදයේ පැමිණිය හැකි බැවින් ද මෙම තීරණය ගත් බව වෛද්‍ය ගුණසේන එහිදී සඳහන් කළේය.
“ඩෙල්ටා ප්‍රභේදය නිසා දැනට මන්නාරම කොළඹට අමතරව දකුණු පළාතට මේ ඩෙල්ටා අවදානම තිබෙනවා. ඔබ කියනවා වගේ ගාල්ලෙන් පටන් අරන් හම්බන්තොටට දෙන්නත් තිබුණා. නමුත් හම්බන්තොටින් එන්නත දකුණු පළාතට දීම පටන් ගත්තා.
මාධ්‍යවේදියා විසින් හම්බන්තාට තෝරා ගන්නා ලද්දේ රාජපක්ෂවරුන් නිසා යයි පවතින චෝදනාව පිළිබඳව විමසූ අවස්ථාවේ ඖෂධ සංස්ථා සභාපතිවරයා සඳහන් කළේ තමන් එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවය. මෙම ෆයිසර් එන්නත තුන්වැනි මාත්‍රාවක් ලෙස ලබා දීම සඳහා ඉතිරි කර ගන්නා ලෙස වෛද්‍ය සංගමය විසින් දක්වනු ලබන අදහස පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා සඳහන් කළේ එන්නත් සම්බන්ධයෙන් රජයට නිර්දේශ කරන එන්නත්කරණය සහ වසගංත රෝග පිළිබඳව විශේෂඥ කමිටුව රජයට දන්වා ඇත්තේ මෙ අවශ්‍ය වුවහොත් තුන්වැනි මාත්‍රාවක් ලබා දීමට මෙම වසර අවසන් වීමට පෙර ඒවා සුදානම් කර ගන්නා ලෙස බැවින් ඒ අනුව ෆයිසර් එන්නත් මිලියන 14ක් සූදානම් ව පවතින බවත් ඔහු සඳහන් කළේය.

Exit mobile version