සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් රුපියල් 50000ක අල්ලසක් ගනිද්දී   ප්‍රාදේශීය සභාව තුළදීම කොටු!

Bribe

සූරියවැව  නුවන් ජයසේකර –

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්  අද (07) උදේ  8.30ට පමණ  ප්‍රාදේශීය සභාව තුළදීම  අත්අඩංගුවට ගනු ලැබීය.

සූරියවැව සති වෙළෙඳපොළේ වෙළෙඳසලක්  පවත්වා ගෙන යන කොන්ත්‍රාත්කරුවෙක්  විසින් තැන්පත් කළ ඇප මුදලේ අවසන් කොටස කොන්ත්‍රාත් කාලය නිමා වූ පසු   මුදා ගැනීමට යෑමේ දී ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා මෙම අල්ලස ඉල්ලා තිබේ.

අනතුරුව කොන්ත්‍රාත්කරු මේ පිළිබඳව අල්ලස් කොමිසම දැනුවත් කර ඇත. කොන්ත්‍රාත්කරු රුපියල් ලක්ෂයක මුදල රුපියල් පනස් දහසක් දක්වා අඩු කරගෙන    අදාළ අල්ලස් මුදල ලබා දෙන  අවස්ථාවේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එහි ලේකම්වරයා ලෙස කටයුතු කළ එච්.කේ. අබේනායක නැමැත්තෙකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරු අද හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version