සූර් වී යකා නැටූ පොහොට්ටු මන්ත්‍රී කණුවක බැඳ පොලීසියට බාරදීලා

arrested

මත්පැන් පානයකර අශෝභන ලෙස හැසිරෙමින් පිස්සු නැටූ පානදුර ප්‍රාෙද්ශීය සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කළුතර ගල්පාත බහුරුපොල ප්‍රදේශයේදී ජනතාව විදුලි පහන් කණුවක බැද පොලීසියට භාරදී ඇත.

මිතුරන් කිහිප දෙනෙක් සමග හොද හැටි පදම් වන්නට මත්පැන් බී මෙම මන්ත්‍රීවරයා නිවසකට පහරදී වීදුරු ජනේලයක්ද බිද පිස්සු නටා ඇතැයි ගම්මුන් පවසයි.

ගම්වැසියන් ඔහුව පාලනය කිරීමට උත්සහ දරා ඇතත් මන්ත්‍රී හයිය පෙන්වමින් දිගින් දිගටම හිරිහැරයක් වන්නට වූ තැන අල්ලා විදුලි පහන්කණුවක ගැටගසා ඇත. අනතුරුව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුමක් ලබාදී ඔහුව රැගෙන යන ලෙස පොලීසියට දැනුම් දී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලීසිය සදහන් කරන්නේ අද ඔහුව අධිකරණයට ඉදිරිපත්කරන බවයි.

Exit mobile version