සුව වූ පුද්ගලයින් 65ක් දින 10ක් පුරා  මරඳමුනෙයි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ …

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර සඳහා මරඳමුනෙයි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ 65 දෙනෙක් සුවය ලබා ඇතත් රෝහලෙන් පිට කිරීමේ ක්‍රමවේදය නිසි අයුරුන් ක්‍රියාත්මක නොවීම නිසා සති එක හමාරක් තිස්සේ එහිම රැඳී සිටින බව ගම්පහ සෞඛ්‍ය බලධාරීන්  ලංකාසරට පැවසුවේය.

65 සමන්විත මෙම කණ්ඩායම මීට සති දෙකකට පමණ පෙ බස්රථවලින් ගම්පහ සිට මරඳගහමුල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

නියමිත දින 14ක කාලය නිමා කළ පසු වෛද්‍යවරුන් මේ පිරිසට දන්වා ඇත්තේ තවත් දින 14ක් යනතුරු පොදු ප්‍රවාහනසේවා භාවිත කිරීමට ඔවුන්ට නොහැකි බවය.


මේ පිරිස  රෝහලින් පිටකිරීම සඳහා  කිසිම ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන්  ඔවුන්ට රෝහල තුළම ගතකරන්නට සිදු වී ඇත.

එම පිිස අතර කුඩා දරුවන් 5 දෙනෙක්, මාස 09ක් පමණ බිළිඳු දරුවෙක්, වැඩිහිටියන් 02ක් සිටින බව වාර්තා වේ. මේ පිළිබද මරදමුනෙයි ප්‍රාදේශීය රෝහලේ කාර්යමණ්ඩලයෙන් කළ විමසීමක දී ඔවුන් ප්‍රකාශ කළේ මෙම පිරිස රෝහලෙන් නීත්‍යානුකූලව පිට කිරීමට අවශය ප්‍රවාහන පහසුකම් ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට දන්වා ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව රෝගීන් නිවෙස්වල තබන්නට සිදුවී ඇති මෙවැනි වටපිටාවක  සුව වූ රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාවලින් පිටනොකිරීම බරපතල ගැටලුවක් බවය.

Exit mobile version