සුවසැරියට ගිලන් රථ 25ක්  මිලදී ගත්තේ විගණනයටත් පුදුම කළ ගැහිල්ලක් ගහල ද?  

1990-suwaseriya-

ලලිත්  චාමින්ද –

ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 1990 සුවසැරිය පදනම සඳහා කල්බදු ක්‍රමය යටතේ මිලදීගෙන තිබු ගිලන්රථ 25ක   ගිලන්රථවල ලියාපදිංචි සහතිකයට අනුව  ඒවා ආනයන රේගු බදුවලින් නිදහස්ව තිබියදි ගිලන්රථයක විකුණුම් මිල රුපියල් එක්කෝටි පනස් නව ලක්ෂ පනස්දහසක්වීම  (15,950,000)  අසාමාන්‍ය තත්වයක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම ගිලන්රථවල පැවතිය යුතු තාක්ෂණික  පිරිවිතරයන්  හා අනිකුත් අවශ්‍යතාවයන් පිළිබඳව  කිසිදු සොයා බැලීමකින් තොරව  මෙම ගිලන්රථ මිලදිගෙන තිබු බවද විගණනය මගින් අනාවරණය කොට  ඇත. 

මේ නිසා  රෝහල් සත්කාරක සේවාවලට සුදුසු අයුරින්  ගිලන් රථ වැඩිදියුණු කිරිම සඳහා  රුපියල් හාරකෝටි අනුදෙලක්ෂ පනස්දහසක (49,250,000) පිරිවැය ඇස්තමේන්තුවක් සකස්කොට තිබුණි. 

එහෙත් එම මුදල භාණ්ඩාගාරය  විසින් ලබානොදීම හේතුවෙන්  මෙම වර්ෂයේ (2022) මැයි මස 26වැනිදින වනවිටත්  ගිලන්රථ 25 අදාල වෙනස්කම් සිදුකිරීමකින් තොරව  සැපයුම්කරු භාරයේ රඳවාගෙන ඇති බවද විගණන කාර්යාලය පෙන්වාදෙයි.


මේ නිසා ගිලන්රථවල වගකිම් කාලය   මෙම රථ භාවිතයට ගැනීමට පෙරම  අවසන්වීමේ අවදානමක් පවතින බව විගණනය මගින් අවධාරණය කොට ඇත. 

මිලදිගත් මෙම ගිලන්රථ  2021 වර්ෂයේ දෙසැම්බර් මස 30 වනදින ලියාපදිංචිකර පදනම වෙත  සංකේතාත්මකව  භාරදි තිබුණි. මේ පිළිබද සුවසැරිය  පදනමේ කළමණාකාරිත්වය විසින්  විගණනයට සඳහන්කොට ඇත්තේ  පදනමේ ඉල්ලිමකින් තොරව මෙම ගිලන්රථ ලබාදිම  සිදුකොට ඇති බවය. 

පුර්ව රෝහල් සත්කාරක සේවාවලට  සුදුසු ආකාරයෙන්  ගිලන්රථ අවශ්‍ය පරිදි ප්‍රමිතින්ට අනුව පිළියෙළ කිරීම සඳහා  අමතර ප්‍රතිපාදන ලබාදෙන බව  දන්වා සිටියද ප්‍රතිපාදන නොලැබුණු බවය. 

පුර්ව රෝහල් සත්කාරක සේවාවලට   අනුකූලවන පරිදි ගිලන්රථ සකස් නොකර ගිලන්රථ ධාවනයට යෙදවිය නොහැකි බව  හා ඒ සම්බන්ධව භාණ්ඩාගාරයට  හා අමාත්‍යංශට ලිපි මගින්  දන්වා ඇති බවය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1990 සුවසැරිය පදනම සම්බන්ධයෙන් 2021 වර්ෂයට  අදාලව මෙකී  විගණන වාර්තාවට තිබුණි.

Exit mobile version