සුරාසැල් විවෘත කිරීමේ ඔලමොට්ටල තීන්දුව ගත්තෙ කවුද?.  ගීතාත් ආණ්ඩුවෙන් අසයි.

මේ මොහොතේ සුරාසල් විවෘත කිරීම නුසුදු බව  ඕනෑම ඔලමොට්ටලයෙකුට වැටහෙන බවත් මේ තකතිරු තීනදුව ගත්තේ කවුදැයි දැනගැනීමට කැමති බවත් පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පැවසුවාය.

ඇය මේ බව පවසා ඇත්තේ බෙන්තර පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ඇය මෙසේත් කියා තිබුණාය.


“ සරු අස්වැන්නක් බලාපොරොත්තුවෙන් ටිකෙන් ටික වතුර එක්රැස් කල වැවක වතුර  එකවරම ඇරලා දාලා අස්වැන්න පාළු කරගත්තා වගේ වැඩක්  මේ කළේ.“

“මේ ඔලමොට්ටල තීරණ ගන්නේ කවුදැයි දැන ගන්න කැමතියි. ආණ්ඩුවේ මේ වගේ  වලින් මන්ත්‍රීවරුන් විදිහට අපිට ගමට යන්න බැරි තත්වයක් ඇති වෙන්නෙ. “

“මේ වෙලාවෙ සුරාසැල් විවෘත කිරීම සුදුසු නැති බව ඕනෑම තකතීරුවෙකුට තේරෙවා… බවත් බාලංශ ළමයෙක් වුවත් ඒ බව කියයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇය වැඩිදුරටත් කීවාය.

Exit mobile version