සුපිරි නළු රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවේ සංචාරයකට ආරාධනා

දකුණු ඉන්දියාවේ ලෝක ප්‍රකට නළුවකු වන රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන්නැයි ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී වෙන්කේෂ්වරන් විසින් පසුගිය 29 වැනිදා රැජිනකාන්ත්ට ආරාධනා කර තිබේ.

ඒ රජිනකාන්ත්ගේ නිවසේදී ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදීය.

රැස්වීම අතරතුර, ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස රජිනිකාන්ත්ට ආරාධනා කළේය. ඔහුගේ පැමිණීම සිනමාය හා සම්බන්ද සංචාරක ව්‍යාපාරය මෙන්ම අධ්‍යාත්මික සහ සුවතා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරන බැවින් ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අදහස් දක්වමින් ආරාධානා කර තිබේ.

ශ්‍රී ලංකාවට පමණක් සීමා වූ ‘රාමායණ මංපෙත’ සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් සුවිශේෂී බෞද්ධ ස්ථාන ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඔහුට පෞද්ගලිකව ආරාධනා කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


newswire

Exit mobile version