සුපිරි ඕවරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අමතක නොවන සුපිරි ජයක් අත් කරගනී!

සුපිරි තරගයකින් පසු ශ්‍රී ලංකා නවසීලන්ත පළමු  විස්සයි 20 තරගය  ශ්‍රී  ලංකා කණ්ඩායම ආනන්දනීය ජයග්‍රහණයක් වාර්තා කළේය. පන්දු ඕවර 20 තුළ දී ශ්‍රී ලංකාව ලබා දුන් ලකුනු 195ක දැවැන්ත ඉලක්කය  හඹා ගිය නවසීලන්ත කණ්ඩායමේ ලකුණු සම වීමෙන් අනතුරුව යැවූ සුපිරි ඕවරයේ දී  ශ්‍රී ලංකා කණ්ඩායම මේ සුපිරි ජයග්‍රහණය අත් කරගත්තේය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පන්දු රැකීම තේරුවේය.  පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මුහුණ දුන් පළමු පන්දුවේ දීම දැවී ගියේය.

එහෙත්   වූ කුසල් මෙන්ඩිස් සහ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායම පීඩනයක් නොදී එතැන් සිට ඉනිම ගොඩ නැගුවේය. කුසල් මෙන්ඩිස්   පන්දු 09ක් තුළ හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගින් ලකුණු 25ක් ලැබුවේය.  කාලයකින් කණ්ඩායමට එක් වූ කුසල් ජනිත්  විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පනුද් 45ක් තුළ හතරේ පහර 04ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු  53ක් ලැබුවේය.

කුසල් ජනිත්…

අලංකාරම ඉනිම ක්‍රීඩා කළේ චරිත් අසලංකය. චරිත් පන්දු 41 තුළ හයේ පහර 06ක් සහ හතරේ පහර 02ක් සමගින් වර්ණවත් ලකුණු 67ක් රැස් කළේය.


වනිඳු හසරංග කාලයකින් කැපී පෙනෙන පිතිකරණයක යෙදුනේය. ඔහු පන්දු 11ක් තුළ හයේ පහර 02ක් සමගින් නොදැවී ලකුණු 21ක් ලැබුවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196ක විශාල ඉලක්කයක් නවසීලන්ත කණ්ඩායමට ලබා දුන්නේය.

වීරයාගේ භූමිකාව … චරිත් අසලංක….

ජමේෂ් නීෂාම් නවසීලන්තය වෙනුවෙන් ලකුණු 30කට කඩුළු 02ක් ලැබුවේය. ඇඩම් මිල්නෙ, බෙන්ජමින් ලිස්ටර්, හෙන්රි ෂිප්ලේ,කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

හඹා යෑමට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙදෙනාම ලකුණු 03ක් වනවිට දැවී ගියේය.

දිල්ශාන් මධුසංඛ සහ මහීෂ් තීක්ෂණ මෙම කඩුළු දෙක ලබා ගත්හ.

එහෙත් අනතුරුව බිඳවැටුණු ඉනිම නායක ටොම් ලැතම් සහ ඩෙරිල් මිචෙල් විසින් විශිෂ්ට ලෙස ගොඩනැගූහ. ලැතම් පන්දු 16 දී ලකුණු 27ක් ලැබුවේ හතරේ පහර 05ක් සමගිනි.

මිචෙල් හතරේ පහර 05ක් සහ හයේ පහර 03ක් සමගින් පන්දු 44ක දී ලකුණු 66ක් ලැබුවේය.

ඩෙරිල් මිෂෙල් ගේ ඉනිමට බලාපොරොත්තු ගෙනා පිතිකරණය…

මාර්ක් චැම්ප්මන් ලකුණු 33ක්, ජේම්ස් නීෂම් ලකුණු 19ක්, රචින් රවීන්ද්‍ර ලකුණු 26ක් ලැබූහ.

නව වන කඩුල්ල වෙනුවෙන් හෙන්රි ශිපිල් සහ ඉෂ් සෝධි පන්දු 05ක් තුළ ලකුණු 11 රැස්කරමින් තරගයේ ලකුණු ගනන සම කළේය. සෝධි එල්ල කළ හයේ පහර තරගය තීරණාත්මක තැනකට රැගෙන ආවේය.

තරගය විසඳීම සුපිරි ඕවරයට ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය යැවීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් කැඳවනු ලැබුවේ  මහීෂ් තීක්ෂණය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස්කළේ ලකුණු 8ක් පමණි. ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු  9 පන්දු 3ක් තුළදී ලබාගැනීමට ශ්‍පිතිකරණයට පැමිණි  කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක සමත් වූහ. තරගයේ වීරයා ලෙස නම් කරනු ලැබුවේ චරිත් අසලංකය.

 

 

 

Exit mobile version