සුදු හාමුදුරුවන්ගේ මරණයේ අභිරහස විඳන්න… හික්කඩුවේ මිනිස්සු උද්ඝෝෂණයක …

ලලිත් චාමින්ද – එස්.කේ. කළුආරච්චි –

පොල්ගස් දූව ආරන්‍යයේ වැඩ සිටි නෙදර්ලන්ත ජාතික ජිනවංශ හිමියන්ගේ අභිරහස්  අපවත්විම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස රජයට බල කිරීමින් අද (15) හික්කඩුව බස්නැවතුම්පොළ ඉදිරිපිට දි විරෝධතාවයක් පැවැත්විණි.

විරෝධතාකරුවන් පෝස්ටර් හා විරෝධතා වැකි සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයක නිරතවුහ. 

උපදින ආත්මයක් පාසා කිසි භවයක මෙවන් දුකක් නොවේවා !…


‍දෙව්ලොව වැඩ හිදිමින් මතු දවසක බුදුන් දැක නිවන් සැනසේවා!…

පරිසරයට වින කල දේශපාලකයන්ට එරෙහිව හිමි නම අපවත් කලාද?…

රටට මොකද වෙන්නේ…භාවනායෝගි හිමියන්ගේ මළසිරුර කලපුවේ..

පිංවත් හිමි නමගේ ඝාතනයේ සුලමුල හික්කඩුව රත්ගම ජනතාවට වහා හෙළි කරනු…  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආදි විරෝධාත වැකි සහිත පොස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ විරෝධතාවයේ නිරතව සිටියහ. විරෝධතාවය සදහා ජාතික නිදහස් පෙරමුණේ හික්කඩුව නගරසභාව නාගරික මන්ත්‍රී සුදත් දම්මිකලාල්  හික්කඩුව නගරසභාවේ විපක්ෂනායක නිමල් චන්දන ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version