සුදුලූනු වංචාවට ගෑවුණු නෝනා කෙනකු ඇතුළු සතොසේ 4ක් අත්අඩංගුවට

woman arrested

ලක් සතොස සුදු ලූණු වංචාවට සතොසේ ඉහළ නිලධාරීන් සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අය අතර නිලධාරිනියක්ද සිටී.

ඇය ලක් සතොස මිලදී ගැනීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරීවරියයි.

ඇයට අමතරව අතත්අඩංගුවට ගෙන සිටින සෙසු සැකකරුවන් අතර , ජ්‍යෙෂ්ඨ කළමනාකරු සැපයුම්, කළමනාකරු සැපයුම් සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරු සිටිති.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ඔවුන්ව ප්‍රකාශයක් සටහන්කර ගැනීමට කැදවා එම ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව අනාවරණය වූ තොරතුරු මත අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට ඔවුන්ව වැලිසර අධිකරණයට ඉදිරිපත්කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

Exit mobile version