සුද්දාටත් PCR වරදී

එංගලන්තයේ සහ වේල්සයේ පුද්ගලයින් හතලිස් තුන්දසහකට පමණ පරීක්ෂණාගාරයක සිදු වූ අතපසු වීමක් හේතුවෙන් කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් වැරදි ප්‍රතිඵල නිකුත් වී ඇති බවට අනාවරණය වේ.

ඒ අනුව අදාල පුද්ගලයින් හතලිස් තුන් දහස ආසාදිතයින් වුවද පරීක්ෂණ ප්‍රතිඵල වලින් ඔවුන් ආසාදිතයින් නොවන බවට නිවේදනය කර ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

මෙම සියලුදෙනම සැප්තැම්බර් 8ත් ඔක්තෝබර් 12ත් අතර කාලයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර ඇති අතර එම සාම්පල පුද්ගලික පරීක්ෂණාගාරයකදී පරීක්ෂා කොට ඇති බවට අනාවරණය වේ.


කෙසේ වෙතත් අදාල පරීක්ෂා කිරීම් කළ පුද්ගලයන් පසුව කළ පරීක්ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇති බවද බී.බී.සී පුවත් සේවය ප්‍රකාශ කරයි.

ඒ අනුව මෙම පිරිස මගින් තවත් විශාල පිරිසක් අතරේ වෛරසය පැතිර යන්නට ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.

අදාල පරීක්ෂණාගාරය සම්බන්ධයෙන් මේවන විට විශේෂ විමර්ශනක් ආරම්භ කර ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් එරට වෛද්‍යවරුන් තමන් විමතියට පත්ව ඇති බවට ප්‍රකාශ කර ඇති අතරම කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් විශ්වාස පළුදු කර නොගන්නා ලෙසද ඉල්ලා තිබේ.

Exit mobile version