සීසීඩී ය හා පාතාලය පොලිසියට හඳුනාගත නොහැකි වූ වැලිගම සිද්ධිය – පොලිස් පිටපතේ වැරදි ගොඩක් !

Police

පාතාලයෙන් වෙන් කර හඳුනා ගත නොහැකි වීම නිසා වැලිගම පොලිසියේ වෙඩි පහරට ලක් වූ  කොළඹ අපරාධ කොට්ඨාසයේ (සී.සී.ඩී)  නිලධාරීන් සිදුකළා යැයි කියන  මෙහෙයුම  සම්බන්ධව බරපතල පරස්පරතා රැසක් මතුවෙමින් ඇතැයි විමර්ශන අංශ ආරංචි මාර්ග පවසයි.

මෙම අතිශයින්ම ගැටලුසහගත සිද්ධියේ දී  සී.සී.ඩී නිලධාරීන්ගේ වෙඩි තැබීමට ප්‍රථම ඔවුන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් දක්වා ඇති නිල ප්‍රකාශයට සම්බන්ධ කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් වාර්තා වී  නැති බවද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඔවුන් කියන්නේ  සී.සී.ඩී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති W15 හෝටලය    ඇත්තේ එම නිලධාරීන් වෙත වෙඩි තැබූ බව කියන හෝටලයට වඩා වෙනස් දිශාවක බවය.

එමෙන්ම පොලිසියේ  නිල ප්‍රකාශය අනුව යම් කිසි පාතාල වෙඩි තැබීමකින්  සී.සී.ඩී. නිලධාරීන්ට තුවාල සිදුවූ බවට වූ ප්‍රකාශයට වඩා පිළිගත හැකි විද්‍යාත්මක සාක්ෂි ඇත්තේ වැලිගම පොලිසියේ ජංගම සංචාරක රථයේ ගමන් කළ නිලධාරීන්ගේ වෙඩි තැබීමෙන් සී.සී.ඩී නිලධාරීන්ට තුවාල සිදු වූ බවට යැයි ද කියැවේ.


වෙඩි ප්‍රහාරයට ලක් වීමේ සිද්ධිය වනවිට  වෑන් රථය තුළ 07 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගමන් කර ඇත.  පොලිස් මාධ්‍ය  ප්‍රකාශවරයා කළ නිල ප්‍රකාශයට අනුව  සී.සී.ඩී නිලධාරීන්  හැකි ඉක්මනින් වාහනය ධාවනය කර ඇත්තේ  වහාම තුවාලකරුවන් කරාපිටිය රෝහලට රැගෙන යෑමටය. ඒ  කතාව ද අතාර්කික බව පැහැදිලි  වී තිබේ.  වෙඩි වැදුන නිලධාරීන්   පැය 2කුත් විනාඩි 20ක් යනතුරු  රෝහල් ගතකිරීමට කටයුතු කර නැති  බව  අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. අනෙක් කාරණාව කරාපිටිය රෝහලට තුවාලකරුවන් යවා තිබුණේ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුමේ සේවය කරන පොලිස් නිලධාරීන් විසිනි. ඒ සුවසැරිය 1990 ගිලන් රථයක් කැඳවීමෙනි.

විමර්ශකයින්ට පෙනී ගොස් ඇත්තේ    විනාඩි 10ක ගමන් දුරකින්   පිහිටි වැලිගම දිසා රෝහලට වෙඩි වැදුන පුද්ගලයින් රැගෙන යා හැකිව තිබුණු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඉතාම ප්‍රකටව පෙනෙන කාරණාද සහිතව සිද්ධිය පිළිබඳව  ලබන සතියේ අධිකරණය ඉදිරියේ කරුණු ගොනුවනු ඇතැයි දැනගන්නට ඇත.

Exit mobile version