සීසීඩී අයි කෙනෙකුත් ඩුබායි සිට කුඩු ජාවාරමේ

කොළඹ අපරාධ කොට්ඨාසයට සම්බන්ධව සේවය කොට පොලිස් සේවයෙන් ඉවත් වී විදෙස්ගතව සිට මෙරට මත් කුඩු ජාවාරමක් මෙහෙයවන හිටපු පොලිස් පරීක්ෂකවරයකු පිළිබඳව විමර්ෂණ ආරම්භ වී තිබේ.

ඔහු පිළිබඳව අනාවරණය වී ඇත්තේ පසුගියදා සපුගස්කන්දේ ලී මඩුවක තිබූ අත්අඩංගුවට ගන්නා ලද මත් කුඩු කිාලෝ ග්‍රෑම් 23 සම්බන්ධයෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ෂණවලදීය.

මෙම කුඩු තොගය කොළඹ අපරාධ කොට්ටාසයේම පොලිස් නිලධාරියකුගේ බව අනාවරණය වූ අතර ඔහු ඉන්දියාවට පළා ගිය පසු එරට වෙරළාරක්ෂක පොලිසිය විසින් අත්අඩංගුවට මේ වනවිට ඉන්දියාවේ ධනුෂ්කොඩිහි බන්ධනාගාරගතව සිටී.


මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශෂණවලදී හෙළිව ඇත්තේ මෙම පොලිස් නිලධාරියා කලකට පෙර අපරාධ කොට්ඨාසයේම සේවය කළ පොලිස් පරීක්ෂකවරයකු ද මෙම ජාවාරම මෙහෙයවන බවයි.

ඔහුට මෑතකදී පොලිස් නිලධාරියා විසින් රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් යවා ඇති බවද මේ අනුව අනාවරණය විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පොලිස් පරීක්ෂකවරයා ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන්වීම් සම්බන්ධයෙන් කටයුතු කරන බව අද දිවයින පුවත් පතේ හේමන්ත රන්දුනු වාර්තා කර තිබුණි.

Exit mobile version