සීසීටීවී දර්ශනයක සටහන්වී ඇති ඊයේ කොටහේනේ මිනී මැරුම….

ඊයේ රාත්‍රියේ කොළඹ විවේකානන්ද පාරේ (ඉදිරි වෙරළ පොලිස් බල ප්‍රදේශයේ) වෙඩි තබා 51 හැවිරිදි පුද්ගලයා වෙඩි තබා ඝාතනය කරන අයුරු සීසීටීවී දර්ශවනවල සටහන්ව තිබේ.

කොටහේන විවේකානන්ද පාරේදී  යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙක් පැමිණෙන ආකාරයත් පසුපස සිටින වෙඩික්කරු මුල් වෙඩිල්ල තබා බිම වැටෙන පුද්ගලයා අසලට යතුරු පැදියෙන් බැස පැමිණ හිසට වෙඩි තබා ඝාතනය කරන ආකාරයත් සීසීටීවී දර්ශනවල සටහන්ව ඇත.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

දැනට විරමර්ශකයන් විශ්වාස කරන පරිදි මේ ඝාතනය වී ඇත්තේ ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින පූකුඩිකන්නා නැමැති පාතාල අපරාධකරුගේ ගෝලයෙකි. මේ වෙඩි තබනු ලබන්නේ කිඹුලා ඇලේ ගුණා නැමති පාතාල අපරාධ කරුගේ ගෝලයෙකි. කිඹුලාඇලේ ගුණා ද ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙඩි තැබීමේ සිද්ධිය CCTV කැමරාවක සටහන්ව ඇත්තේ මෙසේය.

Exit mobile version