සීයට අඩුවෙන් නාඩු දෙනවා… කොහොමද අහන්න එපා… වාසු කියයි!

Vaasudewa

රුපියල් සීයට අඩුවෙන් නාඩු සහල් දෙන බව ජලසම්පාදන ඇමති වාසුදේව නානායක්කාර  කීවේය.

ඔහු මේ බව පැවසුවේ අද කොළඹ පැවති පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඔහු එහිදී මෙසේ පැවසුවේය.


“අපි නාඩු හාල් දෙනවා රුපියල් 100ට අඩුවෙන්. කොහොම ද කියලා අහන්න එපා. සතියක කාලයක් දෙන්න.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ සහල් අපි දෙනකොට සීයට අඩුවෙන්… එතකොට අපි බලමු ඔය ලොකු මෝල් කට්ටිය   කොහොමද රුපියල් 112ට නාඩු හාල් විකුණන්නෙ කියලා.“. කිරිපිටි හිඟයක් ඇති බවත් එසේ හිඟ වූ පමණින් කිරිපිටි ආනයනය කරන්නන් ඉල්ලන රුපියල් 400ක මිල වැඩිවීම ලබා දිය නොහැකි බවත් ඇමතිවරයා කීවේය.

 

Exit mobile version