සීනි බදු වංචාවට එරෙහිව ජ.වි.පෙ. නඩු මගට…

ආනයනික සීනි සඳහා පැනවූ බදු වංචාව මගින් රජයට රුපියල් බිලියන 15.9 ක මුදලක් අහිමි කිරීම සහ ඒ මගින් ජනතාවට ලැබිය යුතු සහනය නොලැබීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නීතිඥ සුනිල් වටගල මාධ්‍යයට පැවසුවේය.

පාර්ලිමේන්තුවේ මුදල් කාරකසභාවක් මගින් මෙම වංචාවේ ප්‍රමාණය එළිදක්වා ඇති බව කී නීතිඥ සුනිල් වටගල මේ සිදුවී ඇත්තේ දේශපාලන මැදිහත්වීමක් මත ගජ මිතුරෙකුට වාසියක් අත්කර දීම බවත් මෙම වංචාව පිළිබඳ ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා පෙත්සම් කරු වී නඩුවක් පවරන බවත් පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වංචාසහගතව  ලබා ගත් මුදල වගඋත්තරකරුවන්ගෙන්  මහා භාණ්ඩාගාරයට අය කරගන්නා ලෙසත්, වගඋත්තරකරුවන්ට අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිට බල කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.


Exit mobile version