සීනි බද්දට නොවිද්දානම් මිලියන 17කට එන්නත විදින්න තිබුණා – සජබ මන්ත්‍රි ඉරාන් කියයි

eran wickramarathne

රජයට අහිමි වූ සීනි සඳහා වන බදු මුදලෙන් සමස්ත ශ්‍රී ලංකාවටම කොවිඩ් එන්නත් ලබා ගැනීමට හැකිව තිබූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ රජයට රුපියල් බිලියන 35 ක් පමණ බදු මුදලක් සීනි නිසා අහිමි වූ බවයි.

“අපේ කාලයේ දී සීනි කිලෝවකට බද්ද තිබ්බේ රුපියල් තිස් පහක්. මේ රජය ඇවිල්ලා 2020 දී විස්සයි විස්සේදී ඒ රුපියල් තිස් පහට තිබ්බ බද්ද රුපියල් පනහක් කලා . බද්ද වැඩි කරන කොට මොකක්ද කිව්ව කතාව අපි දේශීය නිෂ්පාදනය වැඩි කරන්න ඕන ඉතින් පිටරටින් ගෙන දේ බදු වැඩි කරන්න ඕන කියලා එහෙම කළා ඊට පස්සේ එක පාරෙන්ම හදිසියෙන්ම ඔක්තෝම්බර් මාසයේ මාසේ 17 වෙනිදා වෙනකොට මේක රුපියල් පනහයි 50යි සිට කිලෝ එකක් සති 25 ට අඩු කළා මොකක්ද ප්‍රතිපත්තිය තිබුණේ මේ අයට කිසිම ප්‍රතිපත්තියක් නෑ එක දවසක් දේශප්‍රේමීත්වය ගැන කතා කරනවා අනිත් දවසේ ඒකෙ අනිත් පැත්ත ඒකේ අනෙක් පැත්ත රුපියල් 50 බද්ද සත විසිපහට ගේනවා ගෙනල්ලා මොකක්ද උනේ. එක සමාගමකට තිබුණා bonded warehouse එකක් සීනි ගෙනල්ලා ගබඩා කරල තියන්නෙ.


බදු ගෙවන්නේ ගබඩාවෙන් එලියට ගත්තම. ඊළඟට මොකද කළේ සත 25 බද්දට එළියට ගත්තා. ඒ ලාභය කාටද ගියේ. ජනතාවට ගියේ නෑ. කෙලින්ම ගියේ ඒ සමාගමට තමයි ගියේ. පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යාංශ වාර්තාවකින් ගියා ඒ වෙලාවේ අහිමි වෙච්ච බදු ප්‍රමාණය ගැන. අහිමි වෙච්ච බදු ප්‍රමාණය කොච්චරද රුපියල් බිලියන 15.9. රුපියල් බිලියන දාසයක් කියමු. සැප්තැම්බර් ඔක්තෝම්බර් නොවැම්බර් 2020 අඩු කළාට පස්සේ සීනි මෙට්‍රික් ටොන් 266012ක් ගෙනාවා. ජනවාරි මාසේ ඉඳලා ජුනි මාසයේ වෙනකන් 2021 මෙට්‍රික් ටොන් 433000ක් ගෙනාවා. රජයට අහිමි වූ මුදල රුපියල් බිලියන 34.78ක්. රුපියල් බිලියන 35 ක් රජයට අහිමි වෙලා තිබෙනවා. කහට එකට සීනි ටිකක් දාලා බොන පුද්ගලයාට ඒකෙ වාසියක් තියෙන්න ඕනේ. ඒ පුද්ගලයාට කිසිම වාසියක් නෑ ගජමිතුරු සමාගම් වලට ගිහින් තියෙන්නේ.

අපි දන්නවා 2020 මුල ඉඳලම මේ රටේ වසංගතයක් තිබුණා කියලා. මාර්තු මාසේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා එකපාරටම මේක ලෝක වසංගතයක් කියලා එතකොට අපි දන්නවා එන්නත ගේන්න ඕන කියලා. ඒ වෙලාව එන්නත ඩොලර් 5යි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ බිලියන 35ට එන්නත් මිලියන 35ක ගේන්න තිබුණා. මිලියන 17.5 ක් දෙනාට එන්නත් දෙකම දීලා එන්නත්කරනය කරන්න තිබුණා. කලට වෙලාවට හොඳම එන්නත් දෙකම දෙන්න තිබුණා. සීනි වලින් විතරක් අද වෙනකන් අහිමි වෙච්ච බද්දෙන්. මුළු රටම එන්නත් කරන්න තිබුණා . අවුරුදු 20ට වැඩි හැමෝම එන්නත් කරන්න තිබුණා.” යැයිද එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

Exit mobile version