සීඅයිලා 209කට එස්පී වීමට සම්මුඛ පරීක්ෂණ

සුදුසුකම්‌ ලැබූ ප්‍රධාන පොලිස්‌ පරීක්ෂකවරු 209 දෙනෙකු සහකාර පොලිස්‌ අධිකාරී නනතුරට උසස්‌ කිරීමට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්‌ අද්මිරාල්‌ ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

මෙම මාසය අවසන්‌ වන විට එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට අපේක්ෂා කෙරේ.

පොලිස්‌ පරීක්ෂකවරුන්‌ 63 දෙනෙක්‌ පමණක්‌ සහකාර පොලිස්‌ අධිකාරී නිලයට පත්‌ කිරීමට පෙර තීරණය වී තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් තමා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර එම සංඛ්‍යාව 209 දක්වා ඉහලට දමාගත් බව සරන්‌ වීරසේකර අමාත්‍යවරයා පැවසීය.

Exit mobile version