සිරිසේන කුරේ දිවි සැරියෙන් සමුගනී!

sirisena-cooray

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකත්ව වගකීම් දැරූ හිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ  අභාවප්‍රාප්ත විය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු  අභාවප්‍රාප්ත  වන විට අනූ හැවිරිදි වියේ පසුවිය.

කොළඹ නගරාධිපතිවරයා ලෙස වර්ෂ 1979 සිට 1989 දක්වා කටයුතු කළ සිරිසේන කුරේ පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ වර්ෂ 1989 දී ය.


නිවාස හා ඉදිකිරීම් ඇමති. පක්ෂ මහලේකම් වෙනවා.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ දේශපාලන විශ්වාසවන්තයෙක් වූ සිරිසේන කුරේ  ප්‍රේමදාස ආණ්ඩුවේ නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයා විය.  ඒ වකවානුවේ ඔහු එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා ලෙසද දකටයුතු කළේය.

ඔහු 80 -90  දශකයේ පෙරළිකාර ප්‍රබල චරිතයක් වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

Exit mobile version