සිරිපා වඳින්න… එන්නත්කරණ කාඩ්පත රැගෙන එන්න…

පූර්ණ එන්නත්කරණය තහවුරු කරන කොවිඩ් මර්ධන එන්නත් කාඩ්පත සමග එන බැතිමතුන් සඳහා ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමේ ඉඩකඩ බාධාවකින් තොරව ලබා දෙන බව ශ්‍රී පාදස්ථානාධිපති රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකාචාර්ය  බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසකරම  උඳුවප් පුර පසළොස්වක පොහොයෙන් ආරම්භ වී ඊලඟ වසරේ වෙසක් පුර පසළොස්වක  පොහොය දින දක්වා ක්‍රියාත්මක වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතයත් සමග  පසුගිය දෙවසර තුළ බැතිමතුන්ට සිරිපා වන්දනාව  සඳහා අවස්ථාව සැලසුනේ නැත.

Exit mobile version