සිය පාසල් භූමියේම නිධන් හෑරූ විදුහල්පති අත්අඩංගුවට….

Arrested

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිය පාසල් භූමියේ නිධානයක් සොයමින් කැණීමක් කරමින් සිටි එම විද්‍යාලයේම විදුහල්පතිවරයා සහ තවත් පුද්ගලයන් 06 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියයි.

බිබිල මැදගම ප්‍රදේශයේ පිහිටි පාසලක අද (23) මෙම කැණීම කරමින් සිටිය දී පොලිසියට ලද ඔත්තුවක් අනුව වැටලීමක් කර මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් වැටලීම කරන අවස්ථාවේ මෙම පිරිස අදාල ස්ථානයේ කැණීම කරමින් සිට ඇත.
පොලිසිය පවසන්නේ සැකකාර විදුහල්පතිවරයා මීට පෙරද නිධන් කැණිමක් පිළිබඳව අත්අඩංගුවට පත්ව ඇප මත සිටි අයෙක් බවය.

සැකකරුවන් බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version