“සියලු ශාන්තුවරයන්ටත්“ බෝම්බ තැබූ විනාශකාරී දේශපාලනය ගැන අනුර හෙළි කරයි!

අපේ රටේ තිබෙන්නේ ඉතාම හොඳ ඉවක් සහිත වෘත්තීමය  පොලිසියක් බවත්, ඉතිහාසය පුරා යම් කිසි අපරාධයක් හෙළි නොවී වැළලී ඇතිනම් ඒ  පසුපස ඇත්තේ දේශපාලනය බවත් පවසන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ තැබීමට සම්බන්ධ සිද්ධිය පසුපස තිබෙන්නේත් විනාශකාරී දේශපාලන හස්ථයන් බව ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ ( 15) රාගමදී පැවති ජන හමුවක් අමතමිනි.

ඔහු මෙසේ ද පැවසුවේය.


“බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයේ අත්බෝම්බය   තිබීම පිළිබඳ සිදුවීමෙදි  පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නෙ දීර්ඝ කායක් එම දේවස්ථානය පිරිසිදුකළ කෙනා. නමුත් ඔහු බෝම්බය දකින කෙනා.“

“අප දැක්ක කාදිනල් උන්නාසෙ එහි තිබෙන සීසීටීවී දර්ශන පෙන්නලා කිව්වා බෝම්බය ගෙනාපු කෙනා උදේ ඇවිත් තියනවා කියලා. බෝම්බය ගෙනාපු කෙනාගෙ සමීප රූපරාමු පවා පෙන්වනවා.“

“පොලිසිය ඒ තරම් බොලඳ ද ඔබ හිතන්නෙ. අපි දන්නවා අපේ රටේ පොලිසියට හොඳ ඉවක් තියනවා. අපේ රටේ ඕනෑම නම ගිය අපරාධකරුවෙක් අපරාධයක් ආන්දෝලනයට තුඩු දීලා ප්‍රවෘත්ති නිර්මාණය වෙනවා. දවසක් දෙකක් යනකොට ඒ අපරාධ හෙළිදරව් වෙනවා.“

“අපේ රටේ වැළලුණු අපරාධ තියනවා. හෙළිදරවු නොවුණු අපරාධ තියනවා. මේ වැලලුණු සහ හෙළිදරව් නොවුණු අපරාධ පසුපස තිබෙන්නේ දේශපාලන හස්ථයන්.“

“අපිට ඒ නියාමනය අනුව මේ දේවස්ථානයෙ සිදුවුණු සිදුවීම තක්සේරු කරන්න පුලුවන්. පොලිස් දෙපාර්තමේන්තුව ඒ තරම් ලඳ බොළඳ නෑ… ඔවුන් පරීක්ෂා කරන්නේ හවස් වරුවෙ සීසීටීවී දර්ශන. ඒත් හරිනම් ඔවුන් සතියකට එහා පැත්තෙ ඉඳන් සීසීටීවී. දර්ශන පරීක්ෂා කළ යුතුයි. හැබැයි උදේවත් බලන්නෙ නෑ. සැකයක් නැද්ද ඒ ගැන. “

“අපේ රටේ දේශපාලනය මොන තරම් විනාශකාරීද. අපරාධකාරී ද?. “

“මේ විනාශකාරී දේශපාලනයෙන් මේ රටට එක අඟලක් ඉස්සරහට යන්න බෑ. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිරු පුවත් සේවය ඒම අවස්ථාව වාර්තා කර තිබුණේ මේසේය. 

 

Exit mobile version