සියලුම ආයුර්වේද වෛද්‍යවරුන්ට කොවිඩ් එන්නත ලබා දෙයි…

නතාෂා නෙත්මිණි  –                                                 

ආයුර්වේද වෛද්‍යවරුන් සියලුම දෙනාට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව සියලුම ආයුර්වේද වෛද්‍යවරුන්ගේ තොරතුරු එකරැස් කර දෙන මෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස් සඳහන් කරයි.

ආයුර්වේද දෙපාර්තමේන්තුව තුළ සිටින වෛද්‍යවරුන්ට මේ වන විටත් එන්නත ලබා දීමට කටයුතු කර ඇති  බව ද හෙතෙම පැවසීය.  


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආයුර්වේද වෛද්‍යවරුන්ට එන්නත ලබා දීමෙන්අනතුරුව ආයුර්වේද රෝහල්වල සේවයේ නියුතු අනෙකුත් සෞඛ්‍ය  කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ද ලබා දීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කලේය.

 

Exit mobile version