සියයට 79ක් අපොස සා.පෙ. සමත්… මෙවරත් දකුණ ඉදිරියෙන්…

ලලිත් චාමින්ද –

ඉකුත් වර්ෂයේ (2020) පැවති  අ.පො.ස සාපෙළ විභාගයේ ප්‍රථිපලවලට අනුව දකුණු පළාතේ  අ.පො. ස .සාපෙළ විභාගය සඳහා පෙනි සිටි සිසු දරු දැරියන්ගෙන් සියයට 78.85ක්   අ.පො.ස උසස්පෙළ විෂය ධාරාවන් හැදැරිම සදහා සුදුසුකම් ලබා ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ   පවසයි.

නැටුම් හා සංගිතය යන විෂයන් වල  විභාග ප්‍රථිපල තවමත් නිකුත්කොට නොමැති අතර දැනට නිකුත් කොට ඇති   ප්‍රථිපලවලට අනුව  විභාගයට පෙනි සිටි සිසු දරු දැරියන්ගෙන් සියයට 78.85ක් විභාගය සමත්ව ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා කියයි.

2019 වර්ෂයේ පැවති අ.පො.ස සාපෙළ විභාග ප්‍රථිපල සැසදිමේ දි 2020 වර්ෂයේ දි  දකුණු පළාතේ සිසු දරු දැරියන්ගේ සා පෙළ විභාගය සමත්විමේ ප්‍රතිශතය වැඩිවි ඇති බවද ආණ්ඩුකාරවරයා පවසයි.


2019 වර්ෂයේ  සාපෙළ විභාග ප්‍රථිපලවලට අනුව අ.පො.ස උසස්පෙළ විෂය ධාරාවන් හැදැරිම සඳහා  සියයට 78.31ක් සුදුසුකම් ලබාගෙන තිබුණි. 2016 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා  ජාතික මට්ටමේ සාමාන්‍ය පෙළ විභාගය සමත්විමේ ප්‍රතිශතය  අභිබවා දකුණු පළාත  පළමු ස්ථානයට පත්ව තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2020 වර්ෂයේ  සාමාන්‍ය පෙළ විභාගයේ ජාතික මට්ටමේ ප්‍රතිශතය  තවමත් නිකුත්කොට නොමැත අතර  දැනට නිකුත්කොට ඇති විභාග ප්‍රථිපලවලට අනුව මෙවරද දකුණු පළාත සාමාන්‍ය පෙළ විභාග ප්‍රථිවලින් පළමු ස්ථානයට පත්විමට වැඩි ඉඩක් පවතින බවද ආණ්ඩුකාරවරයා පෙන්වා දෙයි.

Exit mobile version