සිඳී ගිය ඉන්ධන සංචිත ගුවන් ගමන් අඩපණ කරයි..

 නිතර යන එන ගුවන් යානාත් ශ්‍රි ලංකාව  මඟහැරීමේ අවදානමක් !

ශ්‍රි ලංකාවට එන ගුවන් යානාවලට ආපසු ගමනට අදාළ ඉන්ධන පුරවාගෙන එන ලෙසට ශ්‍රි ලංකාවේ ගුවන් සේවා බලධාරීන් විසින් සිදු කරන ලද දැනුම් දීම සහ ශ්‍රි ලංකාවේ ඉන්ධන සංචිත අහවර වී ඇති බවට රජය නිල වශයෙන් ප්‍රකාශ  කිරීමත්  සමඟ ඇතැම් ගුවන් සේවා මෙහෙයුම් ශ්‍රී ලංකාවට එන ගුවන් වාර ප්‍රමාණය අඩු කිරීමට හෝ තාවකාලිකව අත්හිටවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ තත්ත්වයට හේතු වී ඇත්තේ මෙලෙස ආපසු ගමනට ඉන්ධන පුරවාගෙන පැමිණිමෙන් එම යානාවල භාණ්ඩ ප්‍රවාහනය අඩු කිරීම ත් අතරමඟදී ඉන්ධන පිරවීම සඳහා වෙනත් ගුවන් තොටුපළක  ගොඩ බෑම තවත් වියදම් අධික කටයුත්තක් වීම හේතුවෙන් බව එම ආරංචි මාර්ග පවසයි.

එවැනි පසුබිමක් තුළ මෙම ගුවන් යානාවල භාණ්ඩ ප්‍රවාහනයෙන් උපයන  ආදායම අහිමි වීම වියදම්වලට එකතු කිරීමක් සිදුවිය හැකි බවත් මේ තත්ත්වය තුළ ගුවන් යානා ප්‍රවේශපත්‍රවල මිල තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පුළුල් බඳ සහිත ගුවන් යානාවල වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කරගෙන පියාසර කළ හැකි බැවින් එමිරේට්ස්, සිංගපූරු ගුවන් සේවය වැනි ශ්‍රී ලංකාවට නිතර පැමිණෙන ගුවන් යානා සිය ඉන්ධන රඳවාගෙන පැමිණෙනු ඇති බවට අපේක්ෂා කළ හැකි නමුත් ඔවුන් සිය ගමන්වාර අඩු කිරීම පිළිබඳව මේ වනවිට සලකා බලමින් සිටින බව වාර්තා වන්නේ  යයි මෙම ගුවන් සේවා ආරංචි මාර්ග සඳහන් කළේය.


මේ වනවිට ශ්‍රි ලංකාවට ගුවන් සමාගම් 42කින් යානා පැමිණෙන අතර මෙම දිගු දුර ගමන් ආපසු යාමේදී ශ්‍රි ලංකාවෙන් ඉන්ධන පුරවා ගැනීමක් සිදුවේ. සාමාන්‍යයන් කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානා ඉන්ධන ලීටර මිලියන 8කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරගත හැකි නමුත් පවතින විදේශ සංචිත අර්බුදය හමුවේ ගුවන් යානා ඉන්ධන සංචිත විශාල වශයෙන් අඩුව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ ගුවන් යානා ඉන්ධන සැපයුම වෙනම ආයතනයක් වෙත ලබා දීම සඳහාද මේ වනවිට රජය විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද මෙම ආරංචි මාර්ග  සඳහන් කළේය.

Exit mobile version