සිනෝෆාම් එන්නතට WHO අනුමැතිය

චීනයේ නිෂ්පාදිත COVID-19 එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) හදිසි අවස්ථා සඳහා ඊයේ අනුමත කර තිබේ.

එය කොවිඩ් මර්දනය සඳහා වන ගෝලීය එන්නත්කරණ වැඩපිළිවෙලේ විශාල කාර්යභාරයක් ඉටුකිරීම සඳහා චීනයට ඉඩහසර ලබාදීමක් ද වනු ඇත.

චීනයේ සහ වෙනත් තැන්වල මිලියන සිය ගණනකට ලබා දී ඇති චීන කොවිඩ් මර්දන එන්නත් දෙකෙන් එකක් වන මෙම එන්නත, බටහිර නොවන රටක් විසින් නිෂ්පාදනය කොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය දිනාගත් පළමු එන්නත වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බෝවන රෝගයක් සඳහා චීන එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් පළමු අවස්ථාව ද මෙය වේ.

Exit mobile version