සිඩ්නි වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහි ඇනුම කළ ඝාතකයා කාන්තාවන් විශේෂ ඉලක්ක කරගෙන… මිය ගිය 6න් 05ක් කාන්තාවන්… තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් කාන්තාවෝ… ආරක්ෂක අංශ කියයි…

සිඩ්නි නුවර වෙළෙඳ මධ්‍යස්ථානයක පිහි ඇනුම සිදුකළ පුද්ගලයා කාන්තාවන් ඉලක්ක කර ගනිමින් පහර දී ඇති බව ඔස්ට්‍රේලියානු පොලිසිය අද  (15) ප්‍රකාශ කළේය.

වින්දිතයන් වෙනුවෙන් ජාතියම ශෝක වන අවස්ථාවේ දි  නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසුවේ, ජොයෙල් කවුචි (40) නමැති අපරාධකරු, ජනාකීර්ණ වෙස්ට්ෆීල්ඩ් බොන්ඩි හන්දිය වෙළෙඳ සංකීර්ණයේ  කළ මිනිස් දඩයමේ දී කාන්තාවන් කෙරෙහි අවධානය යොමු කර පිරිමින් මඟහැර ගිය බවය.

එය මෙම සිද්ධිය පිළිබඳ රහස්   “රහස් පරීක්ෂකයින්ට පැහැදිලි  පර්යේෂණ ප්‍රවේශයක් සකසා දෙනු ඇති බව ද පොලිසිය විශ්වාසය පළ කර තිබිණි.

සෙනසුරාදා ප්‍රහාරයෙන් මියගිය හය දෙනාගෙන් පස් දෙනෙක් සහ තුවාල ලැබූ 12 දෙනාගෙන් බහුතරය කාන්තාවන් ය.


පිහි ඇනුම් ප්‍රහාරයේ අවසන් ගොදුර චීන සිසුවියක බව හඳුනාගෙන තිබේ. Yixuan Cheng  නම් එම සිසුවිය ඔස්ට්‍රේලියාවේ  ඉගෙනුම ලබමින් සිට ඇත.

මිය ගිය අනෙක් අය   38 හැවිරිදි මවක් වූ  ඇෂ්ලී ගෝඩ්,   ඩවුන් සින්ග්ලෙටන්,    ජේඩ් යන්ග් (47) සහ  ,   55 හැවිරිදි චිත්‍ර ශිල්පිනියක වන පික්රියා ඩර්චියා   සහ ආරක්ෂක නියාමකවරියකු වූ  ෆරාස් තාහිර් ය.

ප්‍රහාරකයා වූ  ක්වීන්ස්ලන්තයේ ජොයෙල් කවුචි ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහුගේ පවුලේ අය ඔහුගේ ක්‍රියාවන් ගැන “අතිශයින්ම කණගාටු වන” බව පවසති.

අසල්වැසි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජීවත් වූ  ජොයෙල් කවුචි මීට පෙර ප්‍රාන්තයේ කිසිදු සාපරාධී වරදක් සම්බන්ධයෙන් නඩු පවරා හෝ චෝදනා ලබා ඇති පුද්ගලයෙක් නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   වෛද්‍ය වාර්තා අනුව ඔහු   “මානසික සෞඛ්‍ය [ගැටළු] වලින් පීඩා විඳි” බව පොලිසිය මීට පෙර පවසා තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අතිශය අසාධ්‍ය තත්ත්වයේ සිටි පිහි පහරට ලක් වූ  මාස 09ක ළදරුවා රැයක් පුරා කළ ශල්‍ය කර්මයකින් පසු තවමත් දැඩි සත්කාර ඒකකයේ පසුවේ. කිරි දරුවා මේ වනවිට යහපත් තත්ත්වයට පත් වී ඇති බවත් ඇය නුදුරේදීම දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කළ හැකි වනු ඇති බවත් වෛද්‍යවරු විශ්වාසය පල කරති.

Exit mobile version