සැත්කම් සඳහා ඇතුළත් වෙනවා නම් ඖෂධ පිටින් අරන් එන්න… ජාතික රෝහල රෝගීන්ට දන්වයි…  

උග්‍ර  ඖෂධ හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල වෙත සැත්කම් සඳහා ඇතුළත්වන රෝගීන්ට අවශ්‍ය ඖෂධ පිටතින් රැගෙන එන්නට දැනුම් දී ඇතැයි වාර්තා වේ. 

දිවයිනේ පර්යන්ත රෝහල්වල ඖෂධ හිඟය නිසා සැත්කම් සඳහා දෛනිකව කොළඹ ජාතික රෝහලට ඇතුළත්වන රෝගීන්  සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මේ වන විට බරපතල තත්ත්වක් රෝහල තුළ නිර්මාණය වෙමින් පවතින බව ද ජාතික රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි‍.

එසේ සැත්කම් සඳහා රෝගීන් ඇතුළත් වන්නේ නම් අවශ්‍ය ඖෂධ පිටතින් ගෙන එන ලෙස මේ වන විටත් රෝගීන්ට දැනුම් දී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.


සැත්කම්වලට ලක්කරන රෝගීන් නිර්වින්දනය කිරීමේදී නැවත සිහි ගැන්වීම සඳහා ලබා දෙන ඖෂධ සිඝ්‍රයෙන් හිඟවෙමින් පවතින බැවින් එම ඖෂධ රෝගීන්ට ගෙන එන ලෙස දැනුම් දී ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය‍.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත්  මේ වන විටත් ඖෂධ ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ණයවර ලිපි විවෘත කරන තෙක් සෞඛ්‍ය අමාත්‍යංශයටද බලා සිටීමට සිදුව අතැයි   සඳහන් වේ.

 

Exit mobile version