සැක සහිත කොරෝනා ආසාදිතයන් රැගෙන ගිය ගිලන් රථය ටිපර් එකක ගැටේ…

දිනසේන රතුගමගේ-

කොරෝනා ආසාධිතයින් බවට සැක පිට යාපනය ශීක්ෂණ රෝහල වෙත රෝගීන් පිරිසක් රැගෙන යමින් තිබූ ගිලන් රථයක් 26 දා සවස යාපනය මීසාලේ ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීම නිසා ගිලන් රථ සහායකයා සුළු තුවාල ලබා තිබේ.

කිළිනොච්චිය ඉරණමඩු ගුවන් හමුදා කදවුරේ නිරෝධායනය වෙමින් සිටින පිරිසක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා ඔවුන්ව යාපනය ශීක්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

රෝගීන්ගේ ආරක්ෂාව පිණිස මෙම අනතුරෙන් පසුව ඔවුන්ව තාවකාලිකව චාවාකච්චේරී රෝහලට ඇතුළත් කොට පසුව වෙනත් ගිලන් රථයකින් ඔවුන්ව යාපනය ශීක්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීසාලේ පොලීසිය මේ අනතුර පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version