සැකකරුවෙකුගේ අසරණකමේ තරම   මට වැටහුනේ මා සැකකරුවෙක් වී උසාවි පැමිණි දවසෙ…

සැක කරුවන් දහස් ගණනක් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කියන කතාව...  

Shani-Abesekara

තමන් සැකකරුවන්  විශාල සංඛ්‍යාවක් උසාවියට ඉදිරිපත් කළත් එවැන්නෙකුට දැනෙන අසරණකම වැටහුණේ තමන් ද සැකකාරයෙක් වී උසාවියට නැඟුණු පසු බව   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර   පැවසීය.

ඒ කොළඹ පැවති අභාවප්‍රාප්ත ජනාධිපති නීතිඥ ගෞරි තවරාසා   වෙනුවෙන් පැවති ගුණ අනුස්මරණ උත්සවය අමතමිනි.

“මම සැකකාරයන් සිය ගාණක් අධිකරණයට ඉදිරිපත් කළා. ඔවුන්ට ඒ වෙලාවට දැනෙන අසරණකම මට දැනුණේ මාත් කූඩුවට නැඟුණට පස්සේ. “

“මගේ අවුරුදු 24ක සීඅයිඩී ජීවිතේදී මට කිසිම චෝදනාවක් තිබුණේ නෑ. මහාධිකරණයේ වැරදිකරුවන් වුණු චූදිතයින් තමයි මට විරුද්ධව දේශපාලන පළිගැනීමක් විදියට නඩු 26ක් දාලා තිබුණේ.  මට තිබුණු ලොකුම චෝදනාව තමයි මම නඩු දැම්මා කියන එක. ඒත් ඇත්තටම මට මහාධිකරණයේ නඩු පවරන්න බෑ.  ඒවා කළේ නීතිපති දෙපාර්තමේන්තුව මඟින්..”


තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ශානි  අබේසේකර කීවේය. තමන්ව නිදහස් කර ගැනීමට අභියාචනාධිකරණයේ හා එෆ්ආර්අයි හයක් දැමූ බවත් ඒ කිසිවකට කිසිදු නීතිඥයෙකු මුදල් නොගත් බවත් ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම ගෞරි තවරාසා මහත්මිය තමන්ට ඇප ලබා ගැනීමට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කළ බවත් පැවසීය.

ඇය මුදල් නොගෙනම තමා වෙනුවෙන් වෙහෙස වූ බවත්, සිය බිරිඳ හා දරුවන් සැනසූ බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

“මම ඇප ගත්තට පස්සේ ගියා තවරාසා මැතිණිය හමුවෙන්න. ගිහින් කිව්වා අඩුම ගානෙ ලියකියවිලිවලවත් සල්ලි ගන්න කියලා.  එතකොට මට කිව්වේ ශානි ඔයාගෙන් සල්ලි ගත්තොත් ඒක මට ගෙවන්න බැරි පවක් වෙයි කියලා.“

“තවරාසා මැතිණිය වගේ තව සීයක් දෙසීයක් ඕනේ වෙයි කියලා හිතනවා දැන් තියෙන ප්‍රශ්න අනුව. ඕනම කෙනෙක්ට අධිකරණයේ පිහිටක් අවශ්‍ය වුණොත් ඒකට නොබියව ඉදිරිපත් වුණු කෙනෙක් තමයි තවරාසා මැතිණිය..”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

Exit mobile version