සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ තීරණය දින කීපයකින්…

රංජන් කස්තුරි –

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභහග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක් ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  පැවසීය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වූ හේතූන් හඳුනාගෙන ඇති බවද අධ්‍යාපන ඇමතිවරයා  කීය.

අධ්‍යාපන අමාත්‍යාංශය පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව අද 10 පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට එක්වෙමින් අධ්‍යපන ඇමතිවරයා එම අදහස් පළ කළේය.


අධ්‍යාපන කාර්යාලවලට අනුයුක්ත කර සිටින උපාධිධාරීන් ගුරුසේවයට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරීන්ගේ කැමැත්ත මත ගුරු සේවයට අනුයුක්ත කිරීම ගැන තීන්දුවක් ගන්නා බවද එහිදී අධ්‍යාපන ඇමතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version