සාමාන්‍ය වසර දෙකක වර්ෂාව පැය විසි හතරකින් අත්විඳි ඩුබායි නගරය….

අමායා උඩුවැරැල්ල –

සාමාන්‍යයෙන් දැවෙන උෂ්ණත්වයක් අත්විඳින ඩුබායි නගරය ඊයේ එනම් අඟහරුවාදා සිට දැඩි වර්ෂාවෙන් පීඩා විඳින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගංවතුර තත්වයක් ඇති වූ අතර ගුවන් ගමන් සඳහා ද බාධා ඇති වූ බව සඳහන් වනවා. මෙම අනපේක්ෂිත වර්ෂාව සහ ජල ගැල්ම සමග කලාපයේ ආන්තික කාලගුණික සිදුවීම් කෙරෙහි වන කාලගුණික විපර්යාසවල බලපෑම පිළිබඳව ජාත්‍යාන්තර අවධානය යොමුව තිබෙනවා.


ඊයේ, ජාත්‍යන්තර මගීන් සඳහා ලොව කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථානය ලෙස සඳහන් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඇද හැලුණු අධික වර්ෂාවෙන් ඇති වූ අනතුරුදායක තත්වය හේතුවෙන් ගුවන් ගමන් අවලංගු කර එයට පැමිණෙන ගුවන් ගමන් රාශියක් ද හරවා යැවීමට සිදුවූ බව වාර්තා වනවා. ඊයේ සවස් කාලයේ දී පිටත්වීමේ ගුවන් ගමන් නැවත ආරම්භ වුවද, ගුවන් ගමන් මෙහෙයුම් ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් වලට මුහුණ දීමට සිදු වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වනවා. ගුවන් තොටුපළට පිවිසෙන ප්‍රවේශ මාර්ග ද ජලයෙන් යට වු තිබූ අතර ගංවතුරට ලක් වූ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තත්වය පෙන්නුම් කරන වීඩියෝ පට සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබෙනවා.

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ තත්වය

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක කාලගුණ විද්‍යා සංවිධානයට අනුව ඩුබායි නගරයට සාමාන්‍යයෙන් වසරකට දැක්වෙන්නේ අඟල් 3.12 ක වර්ෂාපතනයක්. නමුත් ඊයේ දිනයේ දී  වසර දෙකක වර්ෂාව පැය 24 කින් ඇද හැළුණු බව එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Exit mobile version