හැටන් රංජිත් රාජපක්ෂ –
අපොස සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට ගොස් පෙරේදා (14) දින අතුරුදහන් වු පාසල් සිසුවියන් දෙදෙනා කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසක සිටියදි හමු වූ බව ඊයේ (15) දින රාත්‍රියේ එම සිසුවියන් දෙදෙනාගේ ඥාතින් විසින් පොලිසිය වෙත දැනුම් දුන් බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ පැවසිය.
ගිනිගත්හේන පොලිස් වසමට අයත් අඹගමුව ජාතික පාසලේ ස්ථාපනය කර ඇති විභාග මධ්‍යස්ථානය වෙත පෙර්දා (14) දින උදෑසන ගිය සිසුවියන් දෙදෙනා විභාගයට පෙනී නොසිට කිසිවෙකුට නොදන්වා එදින නිවසට නොපැමිණීම නිසා එම සිසුවියන් දෙදෙනාගේ දෙමව්පියන් විසින් ගිනිගත්හේන පොලිසියට පැමිණිලි කර තිබුණි.
රැකියාවක් සොයාගැනිමේ අපෙක්ෂාවෙන් සිසුවියන් දෙදෙනා කොළඹට ගිය බවත්, පසුව කඩුවෙල ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් ඊයේ (15) රාත්‍රියේ ඒ බව තම දෙමව්පියන්ට දැනුම් දි ඇති බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
කඩුවෙල ප්‍රදේශයේ සිට එම පාසල් සිසුවියන් දෙදෙනා ඔවුන්ගේ ඥාතින් විසින් අද (16) දින ගිනිගත්හේන පොලිසිය වෙත රැගෙන විත් ඇත.
පොලිසිය සිසුවියන් දෙදෙනාට අවවවාද කර ඥාතින් වෙත භාර දිමට කටයුතු කරන බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.