සාගර සහ ගම්මන්පිල එළිපිට ගැටුමක…

ස්ථාවරය වෙනස් වෙලා නෑ - සාගර...  සියල්ලන් මා සමග වග දැනගත්තේ සාගරගෙ කතාවෙන් -ගම්මන්පිල

අමාත්‍ය උදය ගම්මන්පිල සම්බන්ධව තමන් කළ ප්‍රකාශ කිසිසේත්ම හකුලා නොගන්නා බවත්, තමාගේත් පොදුජන පෙරමුණේත් මතය එයම බවත් පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසීය.

අද උදේ වරුවේ නෙළුම් මාවත පොදුජන පෙරමුණු කාර්යාලයේ දී එම පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් පවත්වන ලද විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ රටේ ජනතාව විසින් බිහිකළ ජනතාවගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම තීරණක් තමන් විසින් නිර්භයව ගන්නා බවත් පැවසූ මහලේකම්වරයා තමන් නිකුත් කළ ලිපිය සම්බන්ධ ස්ථාවරයේ තමන් හා පොදුජන පෙරමුණ නොවෙනස්ව ඉන්නා බව ප්‍රකාශ කළේය.

ඒ අතර අද සවස මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් කළ බලශක්ති ඇමති උදය ගම්මන්පිල කීවේ ගල් ගහන්නේ ඵල ඇති රුකට බවය. සතුරන් පහර දෙනවා නම් ඉන් අදහස් වන්නේ තමන් සවිමත් බවය.

“ මේ රටේ ජනතාව, සහෝදර මැතිඇමතිවරු, අගමැතිතුමන්, ජනාධිපතිතුමන් මාත් එක්ක කියලා මම දැනගත්තේ සාගර කාරියවසම් මහත්තයාගේ ප්‍රකාශයත් එක්කයි.”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු කීවේය

Exit mobile version