සාක්ෂි තියෙනවා නම් ජොනී සනත් දේශබන්දු  ඇතුළු 22ක්  අත්අඩංගුවට ගන්න! නීතිපති පොලිසියට දන්වයි

පසුගිය මැයි මස 09 වැනිදා හිටපු අගමැති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් පැමිණි පිරිස් විසින් ගාලු මුවදොර සාමකාමී අරගලයට සිදු කළ ම්ලෙච්ඡ පහර දීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වන හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු සනත් නිශාන්ත, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 22කු සම්බන්ධයෙන් විමර්ශ පවත්වා සෘජු සහ තාක්ෂණික සාක්ෂි පවතී නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

දේශබන්දු තෙන්නකෝන් ගෝල්ෆේස් අරගල කරුවන්ට පහර දීමට පැමිණි සනත් නිශාන්ත අමාත්‍යවරයා සමග…

මෙලෙස අත්අඩංගුවට ගැනීමට දැනුම් දී ඇති අනෙක් පිරිස වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රී සහ ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගම, ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසකටය.

කෙසේ වුවද පසුගියදා මෙම සිදුවීමට සම්බන්ධ  බවට චෝදනා කරමින් විදේශ ගමන් වාරණයකට ලක් වූ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් විමර්ෂණ සිදු කිරීම සඳහා මඟ පෙන්වීමක් ලැබී නැති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රහාරය සිදුව අදට සතියක් ගත වී ඇතත් මේ වන තෙක් ඊට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇත්තේ එක් පුද්ගලයකු පමණි. පොලිසිය සැබෑ වග කිවයුත්තන් අදාළ පියවර නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් අද ද කොළඹ පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවත්විණි.


Exit mobile version