ස්වාසිලන්ත අගමැති කොවිඩ් වැළඳීමෙන් මරුට

අප්‍රිකාවේ අවසාන රාජාණ්ඩුව ලෙස සැළකෙන ස්වාසිලන්තය හෙවත් වත්මන් එස්වාටිනි රාජධානියේ අගමැති දකුණු අප්‍රිකානු රෝහලකදී කොරෝනා වෛරසය වැළඳී මියගොස් තිබේ.

52 හැවිරිදි ඇම්බ්‍රෝස් ඩලමිනි කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්‍ෂණයකින් තහවුරු වී සති දෙකකට පසුව මේ මස මුල සිට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

“අතිගරු අගමැති ඇම්බ්‍රෝස් මැන්ඩ්වුලෝ ඩ්ලාමිනි උත්තමයාණන්ගේ දුක්ඛිත හා අකල් වියෝව පිළිබඳව මට ජාතියට දැනුම් දෙන ලෙස ඔවුන්ගේ මහෝත්තමයන් අණ කර තිබේ” යැයි නියෝජ්‍ය
අගමැති තෙම්බා මසුකු මහතා පැවසීය.


කීර්තිමත් ව්‍යාපාරිකයෙකු වන නමුත් දේශපාලන ආධුනිකයකු වන ඩලමිනි අගමැති ලෙස නම් කරන ලද්දේ 2018 ඔක්තෝබරයේ දීය.

1986 සිට බලයේ සිටින වත්මන් රජු සියලු ඇමතිවරුන් නම් කර පාර්ලිමේන්තුව පාලනය කරන අතර එස්වාටිනි හි අගමැතිවරයාට රජයේ කාර්යභාරය සීමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කලින් ස්වාසිලන්තය ලෙස හැඳින්වූ එස්වාටිනි රාජධානියේ මිලියන 1.2 ක ජනගහනයක් අතර කොරෝනා වෛරස් රෝගීන් 6,700 ක් සහ මරණ 127 ක් වාර්තා වී තිබේ.

Exit mobile version