ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විස් කෝටි 42.5ක දේපළ විකුණයි !

සිය තැන්පතු හිමියන්ගේ මුදල් ආපසු ගෙවීමේ අසීරුතාවෙන් පෙළෙන ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සමාගම සතු රුපියල් මිලියන 425 ක් වටිනා දේපළ කිහිපයක් මිලදී ගැනීමට එස්එම්බී ලිසිං සමාගම කටයතු කර ඇති අතර ඒ අනුව රුපියල් මිලියන 425ක ආපසු ගෙවිම් ලබා ගැනීමට තැන්පතු හිමියව්ට හැකියාව ලැබෙනු ඇති බව ව්‍යාපාර ආරංචි මාර්ග පවසයි.

මෙම පියවර මහ බැංකුව විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලද අතර මෙම ගනුදෙනුවෙන් පසුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්සිවසස් සතු මූල්‍ය සමාගම් බලපතුය අවලංගු කිරීමටත් ඒ වෙනුවට එස්.එම්.බී ලීසිං සමාගමට නව මූල්‍ය සමාගම් බලපත්‍රයක් හිමි වීමටත් නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් මාගම ට හිමිව තිබූ මහනුවර, අඟුණවල, ගඟතැන්නවත්තේ පර්චස් 195.86 හිස් ඉඩමක්, ගල්කිස්ස  අලවිස් මාවතේ පිහිටි පර්චස් 46 ක ඉඩම සහ ගොඩනැගිල්ල සහ ජා-ඇල රියැලිටි ප්ලාසා හි වෙළඳසැල් තුනක් ඉහත මුදලට එස්.එම්.බී ලීසිං වෙත හිමිව ඇත.


Exit mobile version