ස්පුට්නික් එන්නත  අද ගොතටුවේ අයට

රුසියාවෙන් ගෙන්වන ලද ස්පුට්නික් v එන්නත ලබා දීම අද ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ගොතටුව ප්‍රදේශයේ ජනතාවට එම එන්නතේ පළමු මාත්‍රාව අද සිට ලබා දීමට නියමිතව ඇත. මෙම ප්‍රදේශයේ ජනතාවගෙන් 7500කට පමණ මෙම එන්නත ලබා දීමට සැලසුම් කර ඇත.

වයස අවුරුද 30ත් 60ත් අතර පසුවන පුද්ගලයන් සඳහා මෙම එන්නතේ ප්‍රමුඛත්වය හිමිවන අතර දෙවන එන්නත සති තුනකට පසුව ලබා දිමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමත කරන ලද ස්පුට්නික් එන්නතේ පළමු තොගය ලෙස මාත්‍රා 15,000ක් පසුගිය 04 වැනිදා මෙරටට පැමිණි අතර මෙම එන්නතේ මිලියන 13ක් මෙරටට අදියර වශයෙන් පැමිණීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට මෙරට ජනතාවගෙන් පුද්ගලයන් 925242කට ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර මේ වනවිට මෙරට ඉතිරිව අත්තේ එම එන්නතේ මාත්‍රා 356,000ක් පමණි. ඒ අනුව එන්නත් ලක්ෂ 6ක පමණ හිඟයක් දෙවන මාත්‍රාව සඳහා පවතින අතර මේ වනවිට ඉන්දියාවේ පවතින අර්බුදය හමුවේ මෙම එන්නත් සපයා ගැනිමේ දැඩි දුෂ්කරතාවක් නිර්මාණය වි ඇත


Exit mobile version