ස්පා ඇරියෙ ඉන් යැපෙන අයට අවුරුදු දෙකකින් හරි ආදායමක් නැති නිසා… නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

දැඩි ආරක්ෂිත ඇඳුම් ඇඳන් මුව ආවරණ දාගෙන ස්පා ළමයින්ට සේවා සපයන්න සිද්ධවේවි...

Spa

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව ස්පා ආයතන විවෘත කිරීම සඳහා අවසර දී ඇත්තේ එයින් යැපෙන පුද්ගලයින් රාශියක් වසර දෙකක පමණ කාලයක සිට කිසිදු ආදාමයක් නොමැති සිටි නිසා යැයි ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

මුව ආවරණ පැළදීම දෑත් පිරිසිදු කිරීම වැනි මාර්ගෝපදේශයන් අකුරටම ක්‍රියාත්ම කළ හැකි නමුත් මීටරේ දුර පවත්වාගෙන සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටලයක් භාවිත කිරීමට සේවා සපයන්නාට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.

රෝහලකදී රෝගියාට සේවය සලසන වෛද්‍යවරයාට හෝ හෙදියට මීටරේ දුර තබාගෙන සේවාව ලබා දිය නොහැකි විටදී ඔවුන් දැඩි ආරක්ෂිත ඇදුම් කට්ටලයකින් ආරක්ෂා වීම මගින් වයිරස් ආසාදනයෙන් තොරව රෝගියාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බවද ඔහු පෙන්වාදේ.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මේ වන විට විවෘත කිරීමට සඳහා අවසර දී ඇත්තේ නීත්‍යානූකූලි ස්පා ආයතනයන්ට පමණක් යැයිද විශේෂඥවරයා සඳහන් කළේය.

මෙවැනි ආයතනයන් තුල හෝ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකරන්නේ නම් එය ඒ මොහොතේම වසා දැමීමට කටයුතු කරන බවද හේමන්ත හේරත් අවධාරණය කළේය.

Exit mobile version