ස්ථාවරයේ වෙනසක් නෑ… සහාය ඉල්ලූ අගමැතිට සජිත් ලිඛිතව දන්වයි!

සමගි ජනබල සන්ධානයේ ස්ථාවරය ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් එම ස්ථාවරයේ කිසිම වෙනසක් නොමැති නමුත් ජනතාව මුහුණ දී තිබෙන ගැටලු සඳහා විසදුම් සෙවීමේ දී ගනු ලබන නිවැරදි තීරණවලට වගකිවයුතු විපක්ෂයක් ලෙස සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නව අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා තිබේ.

එම ලිඛිත දැන්වීම සිදුකරන්නේ  සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සඳහා සමගි ජන බලවේගයට එක්වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කළ ඉල්ලීමට පිළිතුරු සපයමනි.

එහිදී විපක්ෂ නායකවරයා පවසා සිටින්නේ දැවැන්තම දේශපාලන හා ආර්ථික අර්බුදයට   මහපොළොවේ ජනතා මතය අනුව විසඳුම් සෙවිය යුතු බවය.  සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් සඳහා සමගි ජන බලවේගය ද සියලු දේශපාලන පක්ෂ සමග පසුගිය සති කීපයේ සාකච්ඡා කළ බවත් ඒ බව මෙන්ම නව ආණ්ඩුව සම්බන්ධ තම ස්ථාවරය ද ජනාධිපතිවරයාට දැන්වූ බවත් විපක්ෂ නායකවරයා කියයි.

තමන්ගේ ස්ථාවරයේ වෙනසක් නැති බව ද ඔහු අගමැතිවරයාට දන්වා සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version