සහල් හංගාගෙන ඉන්න මෝල්ලු ගැන  මේ අංකවලට කියන්න

සහල් හිඟයක් ඇතිවීම වැක්වීම සඳහා තමන් සතු, වී සහ සහල් තොග වෙළෙදපොලට නිකුත් කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සියලු ම තොග වෙළෙදුන් සහ තොග රැස් කරන්නන් වෙත දැනුම් දී ඇත. ඒ සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ දන්වා ඇත.

එසේ කටයුතු නොකරන දිවයින පුරා පිහිටි ආයතන, පුද්ගලයන් සම්බන්ධයෙන් වීමර්ශනය කර ගත හැකි උපරිම නීතිමය පියවර ගැනීමට අපගේ වීමර්ශන නිලධාරීන් ට උපදෙස් ලබා දී ඇත.

අධිකාරිය පනතට අනුව භාණ්ඩ විකිණීම ප්‍රතික්ෂේප කිරීම, තමන් සතු යම් ද්‍රව්‍යයක්‌ තමා සන්තකයෙහි නොමැති බව ප්‍රකාශ කිරීම හෝ එම භාණ්ඩ යම් කොන්දේසියකට යටත් ව විකිණීම වරදකි. එසේම භාණ්ඩ තොග අනවශ්‍ය ලෙස රැස් කර තබා ගැනීම ද වරදක් වේ.


ඉහත වැරදි සම්බන්ධයෙන් වැටලීම්වල දී අප සිදු කරන වරෙන්තුවක්‌ නොමැතිව අත් අඩංගුවට ගැනීමට අපගේ නිලධාරීන් ට බලය ඇති අතර නඩු පැවරීමක දී වරදකරු වුවහොත් දඩ මුදලක් සහ මාස 6 ක හිර දඬුවමක්‌ හෝ ඉන් එකක් ලබා දීමට අධිකාරිය පනත යටතේ හැකියාව පවතී යි. එසේම අදාළ භාණ්ඩ රාජසන්තක කිරීමේ හැකියාව ද ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් සතු වී සහ සහල් තොග විකිණීම ප්‍රතික්ෂේප කරන සහ තොග සගවා තබාගෙන සිටින පුද්ගලයන් පිළිබදව ඔබ දන්නා තොරතුරු අප වෙත ලබා දෙන්න.
ඔබගේ රහස්‍යභාවය ආරක්ෂා කරනු ලැබේ.
වයඹ පළාත – 0771088904
දකුණු පළාත – 0771088903
උතුරු මැද පළාත – 0771088897
නැගෙනහිර පළාත – 0770110096
උතුරු පළාත – 0771088910

Exit mobile version