ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහන සම්බන්ධීකාරක ලෙස මාලදිවයිනේ හිටපු ජනාධිපති නෂීඩ්

Mohamed Nasheed with Ranil

ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා ගැනීමේ සම්බන්ධීකාරක ලෙස මාලදිවයින් පාර්ලිමේන්තුවේ කථානායක හා හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් නම් කිරීමට මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

පසුගිය 19 වැනිදා මාලදිවයින් කථානායකවරයා කොළඹට පැමිණී අතර ඔහුගේ දීර්ඝ කාලීන හොඳ මිතුරෙකු වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූයේය. ඔවුන් දෙදෙනා බොහෝ වේලාවක් ශ්‍රී ලංකාවේ මුහුණ දී තිබෙන ආර්ථික කඩා වැටීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී නෂීඩ් මහතා ශ්‍රී ලංකාවට සහය දීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව විදේශ ජාතීන්ගෙන් රටට සහන ලබා ගැනීමට සහය වීමට ඔහු කැමැත්ත පළ කළ අතර ඔහුව සහන කටයුතු සම්බන්ධීකාරක ලෙස නම් කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යලය පවසයි.

ශ්‍රී ලංකාව සමඟ වසර ගණනාවක් තිස්සේ යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන නෂීඩ් මහතා ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු හා දේශගුණික වීරයෙකු ලෙස ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් උසුලන අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහය ලබා ගැනීමට කලාපීය නායකයින් හමුවීමට නියමිතය.


ඉන්දියාවේ ත්‍යාගශීලි ජනතාවගෙන් විශේෂයෙන්ම ව්‍යවසායකයින්ගෙන් හා ව්‍යාපාරිකයින්ගෙන් මම ඉල්ලා සිටින්නේ කරුණකරලා ශ්‍රී ලංකාවට ආධාර කිරීමට හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සූදානම් වෙන්න කියලා.. යැයි නෂීඩ් මහතා ද හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා ඇත.

මූල්‍ය ආයතන ශ්‍රී ලංකාවේ අනාගතය ‘ප්‍රතිරක්ෂණය’ කළ යුතු යැයි ඔහු ඉන්දියාවට පවසා සිටියේය.

මා සතුව එක සතයක් හෝ තිබේ නම් එය ශ්‍රී ලාංකිකයින් සතු වන බවට මම සහතික කරනවා.. අවුරුදු ගණනාවක් පුරා ශ්‍රී ලංකාව හා එහි නායකයින් මාලදිවයින් වැසියන්ට කළ උපකාර අපිට කිසිදා අමතක වෙන්නේ නෑ.. නෂීඩ් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි නෂීඩ් මහතාගේ පත්වීම පිළිගත් අතර ට්විටර් පණිවිඩයක් ද සටහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාලදිවයින ශ්‍රී ලාංකිකයින් සමඟ සෑමවිටම සිටින අතර මෙම දුෂ්කර කාලය ජය ගැනීමට හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහය වේ..

Exit mobile version