සල්ලි දී ගත් සීඅයිසී කාබනික පොහොරවල වීදුරු කටු සහ කටු කම්බි… ලබන කන්නෙ කුඹුරට බහින්න බෑ!

සම්පත් දෙණිපිටියගේ – 

කාබනික පොහොර ලෙස ප්‍රධාන කෘෂි සමාගම් විසින් අලෙවි කරන පොහොරවල කටු කම්බි වීදුරුකටු බොරළු ඇතුළු හානිකර ද්‍රව්‍ය ඇති ආකාරය  අකුරැස්ස පරදූව, තෙලිජ්ජවිල මොරගොඩ ගොවි පවුල් ගණනාවක් විසින් හෙළි කළේය.

ඔවුන් පෙන්වා දෙන්නේ අස්වැන්නේ අඩු වැඩි වීම පිලිබඳව තත්වය කෙසේ වුවත් වීදුරු කටුකම්බි සහිත මේ පොහොර යැයි කියා  අලෙවි කරන ද්‍රව්‍ය කුඹුරුවලට දැමුවොත් කුඹුරකට බැස ගන්නට බැරිවන තත්වයක් ඇතිවන බවය.

අකුරැස්ස පරදූව ගම්මානයේ  ප්‍රධාන ගොවියෙක් තමන් මිල දී ගත් පොහොර මිටියක් කඩා  ඒ   පොහොර දැලකින් හලා  මේ අපද්‍රව්‍ය  මාධ්‍යයට පෙන්වා තිබිණි.


“පොහොර මිටි 4ක් 05ක් රැයිසියෙන් හළලා පාවිච්ච කළා.  හැම පොහොර මිටියකම මෙහෙමයි.  අස්වැන්න අඩු වැඩි වීම වෙනම ප්‍රශ්නක්. ඒත් මේ මොනවද මේ කරන්නේ.“

“කිලෝ හතලිහෙ පැකට් එක රුපියල් 1400යි.  සල්ලි දීලා ගෙනාපු කොට්ටෙ කඩලා ගහන්න බෑ.  බාගෙට බාගයක් පස්.  වීදුරුකටු.  මේවා වෙල් වලට දැම්මට පස්සේ ආයෙ කොහොමද ඊලඟ කන්නෙදි වැඩ කරන්න වෙලට බහින්නේ.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන් චෝදනා කළේය.

 

Exit mobile version