සර්ව පාක්ෂික රජයට ජනපති ගේ යෝජනාව ටී.එන්.ඒ කොන්දේසි රහිතව පිළිගනී…

Sampanthan

දිනසේන රතුගමගේ –

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිගැනීමට දෙමළ ජාතික සන්ධානය සූදනම් බවත් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම ඉතාම හොඳ කාර්යයක් බවත් දෙමළ  ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා   පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසූ දෙමළ ජාතික සන්ධානයේ නායකයා සර්ව පාක්ෂික රජයක් බිහි කිරීම සඳහා  ජනාධිපතිවරයා  විසින් ගෙන යන උත්සාහයට තම පක්ෂයේ පූර්ණ සහය හිමි වන බවද කියා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වත්මන් අර්බූද හමුවේ කළ හැකි එකම කාර්ය වන්නේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම නිසා දෙමළ ජාතික සන්ධානය හැරුණු විට ඇති සෙසු දෙමළ දේශපාලන පක්ෂද ජනාධිපතිවරයාගේ යෝජනාවට හිස නමනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද සම්පන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

Exit mobile version