සර්ව පාක්ෂික ආණ්ඩු සාකච්ඡාවට සජබ – ජනපති හමුව හෙට….

ranil-sajith

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධව රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ කණ්ඩායම අතර විශේෂ තීරණාත්මක සාකච්චාවක් හෙට (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වේ.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධව මේ වනවිට දේශපාලන පක්ෂ ගණනාවක් එකඟත්වය පල කර ඇති අතර ඒ සම්බන්ධව සමගි ජන බලවේගයේ ස්ථාවරය අද  (04) ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට නියමිතය.

සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම හා කාල පරාසය මෙන්ම ආණ්ඩුවේ අරමුණු මොනවාද යන්න පිළිබඳව නිශ්චිත වශයෙන්  මෙම සාකච්ඡාවේ දී  අනාවරණය කරගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාල කණ්ඩායම් අතර කඩිනම් එකඟතාවයක් ඇතිකරගැනීමෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ ඇමති මණඩලය පත් කිරීමට ජනාධිපතිවරයා සැලසුම් කර තිබේ.


Exit mobile version