සරණත් නිදහස්… අල්ලස් නඩු 08කට අදාලව කොමිසම ලිඛිත විධාන දී නෑ…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු අටකින් නිදහස් කර තිබේ.

මෙම නඩුව පවරා තිබුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සභාපති වරයා වශයෙන් සිටියදී කුලී පදනමට වාහන ලබාගැනීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාව මතය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අද මෙම නඩු කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ නඩු ගොනු කිරීමේදී අල්ලස් කොමිසමේ කොමසාරිස්වරුන් විසින් ලිඛිත විධානයක් ඉදිරිපත් කර නොමැති නිසා නඩු පවත්වාගෙන යාමට නොහැකි බවය.

ඒ අනුව විත්තියේ නීතිඥවරයා ගේ ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය විසින් සරණ ගුණවර්ධන එකී චෝදනාවන්ගෙන් නිදහස් කළේය.

 

Exit mobile version