සයිනෝවැක් චීන එන්නතේ මාත්‍රා දෙකක් දී මදිවෙයි – ඉන්දුනීසියා සහ තායිලන්තය තෙවැනි මාත්‍රාවකට සැරසෙයි

ඉන්දුනීසියාවේ සහ තායිලන්තය එරට සෞඛ්‍ය අංශවල සාමාජිකයින්ට චීනයේ නිෂ්පාදිත සයිනෝවැක් එන්නතේ තෙවන මාත්‍රාව ලබාදීමට නියමිත කටයුතු කර ඇති අතර එමගින් එන්නතේ විශ්වාසනීයත්වය යම් පළුඳුවීමකට ලක්විය හැකි බවත් විදෙස් මාධ්‍ය වර්තා කරයි.

මේ වන විටත් තුර්කිය සහ එක්සත් ආරබි එමීර් රාජ්‍ය සයිනෝවැක් එන්නත ලබාගත් පුද්ගලයින්ට එහි තෙවන මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇති බවට වාර්තාවේ.

මෙම රටවල් මෙලෙස තෙවන මාත්‍රාව ලබාදීමට තීරණය කර ඇත්තේ අදාල එන්නත නව කොරෝනා වෛරස ප්‍රභේද හමුවේ දක්වන ඵලදායී බව සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුකාරී තත්ත්වය හමුවේදී වීම විශේෂත්වයකි.


සිනොවැක් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් සෞඛ්‍ය සේවකයින් විශාල පිරිසකට මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සැලකිය යුතු සංඛ්‍යාවක් බරපතල තත්ත්වයෙන් පසුවන අතරම මරණයට පත්ව තිබේ.

මේ අතර ඇමරිකාවේ ප්‍රධානයක් වශයෙන් ෆයිසර් එන්නත් ලක්ෂ පහලොවත් තායිලන්තයට ලැබීමට නියමිතය. එම එන්නත් එරට සෞඛ්‍ය අංශ සාමාජිකයින් 700,000කට ලබාදීමට නියමිතය.

කෙසේ වෙතත් ඉන් බහුතරයක් දෙනා මේවන විටත් සයිනෝවැක් එන්නතේ මාත්‍රා දෙක ලබාගත් පිරිස වීම විශේෂත්වයකි.

තායිලන්ත සෞඛ්‍ය බලධාරින් පවසන අන්දම මෙම තීරණයට හේතුවී ඇත්තේ මේවන විට සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා ප්‍රභේදයෙන් සෞඛ්‍ය අංශ සාමාජිකයින් ආරක්ෂා කිරීමටයි.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත පිටවූ තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යංශ රහසිගත ලේඛණයකින් අනාවරණය වී ඇත්තේ ෆයිසර් එන්නත තෙවන මාත්‍රාව ලෙස ලබාදීමෙන් ජනතාව වෙත වැරදි පණිවුඩයක් යොමුවිය හැකි බවයි.

බොහොමයක් අග්නිදිග ආසියානු දේශයන් බටහිර රටවල නිෂ්පාදිත කොරෝන මර්ධන එන්නත් සැපයුමේ ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් චීනයේ නිෂ්පාදිත එන්නත මත යැපීමට සිදුවිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර එම කලාපයේ ජනගහනයෙන් සියයට 10කටත් වඩා අඩු පිරිසක් එන්නත්කරණයට ලක්වි තිබීම වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාමට හේතුවක් වී තිබේ.

Exit mobile version